ගංවතුර අනතුරු ඇඟවීම දීර්ඝ කෙරේ.

නිල්වලා ,ගිං,අත්තනගලු සහ කළු ගඟේ – කුඩා ගඟ සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම ඉදිරි පැය 24 සදහා දීර්ඝ කර ඇති බව වාර්තා වේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂක පවසන්නේ අදාළ ගංගා දෙපස පදිංචි ජනතාව සහ අදාළ ප්‍රදේශ හරහා වැටී ඇති මාර්ගවල වාහන ධාවනය කරන රියදුරන් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවයි.

Exit mobile version