2023 අගෝස්තු මස විදෙස් ගත ශ්රමිකයන්ගෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 499.2 ක ප්රේෂණයක් ලැබී ඇති බව ශ්රී ලංකා මහ බැංකුව වාර්තා කර තිබේ.
මහ බැංකුව සඳහන් කරන්නේ එය 2023 වර්ෂයේ ජනවාරි මස සිට අගෝස්තු මස දක්වා ඩොලර් මිලියන 3,862 .7 ක ප්රමාණයක් පෙන්නුම් කරන බවත් , එම කාලය තුළ සසදා බලන විට එය 74.4% ක වැඩි වීමක් බවත් ය.