මාතර බන්ධනාගාරයේ රඳවා සිටි ඊජිප්තු ජාතිකයෙකු අසනීප තත්ත්වයක් හේතුවෙන් මාතර රෝහලට ඇතුළත් කර ප්රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ .
වැලිගම පොලීසිය පවසන්නේ පසුගිය 3 වැනිදා ඊජිප්තු ජාතිකයා නැවතී සිටි හෝටලයේ හිමිකරුට පිහියකින් පහර දී තුවාල සිදු කර හෝටල් ගොඩනැගිල්ල ගිනි තබා විනාශ කිරීමේ චෝදනාව මත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකර තිබූ බවයි.
ඔහු මිය යාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් වැලිගම පොලීසිය විසින් ඉදිරි විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.