වියළි කාලගුණයත් සමග කැළෑ ගිනි තැබීම් ඉහළ ගොස් ඇති බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එහි අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ පසුගිය මාස කිහිපය තුළ දිවයින පුරා එවැනි සිදුවීම් 25ක් පමණ වාර්තා වී ඇති බවයි.
කැළෑ ගිනි තබන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බවට ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කර තිබේ.
මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග රක්ෂිතවලට ගිනි තැබීම හේතුවෙන් ජල මූලාශ්‍ර සිදී යාමේ අවදානමක් පවතින බව වාර්තා වෙයි.