හිටපු ගුවන් හමුදාධිපති, තානාධිපති සේවයට පයින් ගසයි.කුරුදු ප්‍රවාහනය කර කස්ටම් එකෙන් අල්ලලා.

මැලේසියාවේ ශ්‍රී ලංකා තානාධිපතිවරයා තානාධිපති සේවය පසෙක දමා ඒ වෙනුවට මැලේසියාව තුල තම ව්‍යාපාර ප්‍රවර්ධනය කරමින් සිටින බව මැලේසියානු ආරංචි මාර්ග සඳහන් කරයි. කුරුදු, ගම්මිරිස්, එනසාල් ඇතුළු කුළු බඩු ව්‍යාපාරයක් සඳහා ඔහු රාජ්‍ය තාන්ත්‍රික වරප්‍රසාද භාවිතා කරන බවත්, පසුගිය දිනයක ප්‍රමාණයට වඩා රැගෙන ගොස් තිබු කුරුදු සමග ඔහුද මැලේසියාවේ කස්ටම් බාරයට පත් වූ බවත් සඳහන් කරයි.

මැලේසියාවේ ශ්‍රී ලංකා තනාධිපතිවරයා ලෙස කටයුතු කරනුයේ හිටපු ගුවන් හමුදාධිපතිවරයෙකු වන සුමංගල ඩයස් මහතාය. ඔහුට විරුද්ධව විවිධ චෝදනා රාශියක් තිබියදී මැලේසියාවේ ශ්‍රී ලංකා තානාධිපති ලෙස සුමංගල ඩයස් මහතා පත්කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි. එසේම මැලේසියා ශ්‍රී ලංකා තානාධිපති කාර්යාලයේ සේවකයන් මෙම තානාධිපතිවරයාට දැඩි අප්‍රසාදය පලකරයි.

ගුවන් හමුදාව තුල සිටියදී ද හමුදාවේ උන්නතිය වෙනුවෙන් කිසිවක් නොකළ ඔහුගේ පාලන සමයේ කල් ඉකුත් වූ බෙහෙත් වර්ග පවා ලබා දීමට කටයුතු කර තිබුණේ ගුවන් හමුදාවේ සේවකයන්ටය.

වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉදිරි කටයුතු කිරීම සඳහා තානාධිපති සේවයට ශක්තිමත් පුද්ගලයන් අවශ්‍ය වේ. මෙම පුද්ගලයා ශ්‍රී ලංකාවේ සමහර දේශපාලන නායකයන් වෙනුවෙන් මැලේසියාවේ සිට විවිධ තෑගී බෝගද එවන බව අපට වාර්තා වි තිබේ.

ඔවුන් තවමත් යැපෙන්නේ මහජන මුදලිනි. අදක්ෂයන් සමග එක්ව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මෙරට නැවත ගොඩ නැගිය නොහැක. ඔවුන්ගේ අදක්ෂ කමින් සිදුවන්නේ මහජනතාවට රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රාජ්‍ය තව දුරටත් එපා වීම පමණි. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වීමෙන් පසු නිමා වුයේ තිබු පෝලිම් පමණි. ඒ හැර ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු ලැබුණේ නැත. එයට හේතුව ඔහුට සිදුව තිබෙන්නේ ඔහු වෙනුවෙන් සිටින “තුන” සමඟ පමණක් කටයුතු කිරීමට සිදු වීමය. එසේම ගෝඨාභය සහ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ දේශාපලන නායකයන් වෙනුවෙන් පෙනී සිටිනා, ඔවුන් පත්කරන ලද ප්‍රධාන ධාරාවේ රාජ්‍ය සේවකයන් පවා නැවතත් පොහොට්ටු ගෙන එමින් තමන්ගේ බලය ආරක්ෂා කිරීම වෙනුවෙන් මහජනතාවගේ බෙල්ලට තොන්ඩුව දමා තිබෙන බැවිනි.

ඒ අතරට මෙවැනි රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගෙන් කිසි සේත්ම රාජ්‍යයේ උන්නතිය වෙනුවෙන් කිසිවක් සිදුනොවන බවත්, ඔවුන්ගේ ඉතිහාසයේම ලිය වී තිබෙන්නේ හොරකම සහ වංචාව බව ඔවුන්ගේ පැරණි ලිපි ගොනුවලින් සහ ඔවුන්ගේ පැරණි නායකයන්ගෙන් හෝ අසා හෝ තහවුරු කර ගත හැකිය.

ඒ අතරට මෙවැනි රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගෙන් කිසි සේත්ම රාජ්‍යයේ උන්නතිය වෙනුවෙන් කිසිවක් සිදුනොවන බවත්, ඔවුන්ගේ ඉතිහාසයේම ලිය වි තිබෙන්නේ හොරකම සහ වංචාව බවත් ඔවුන්ගේ පැරණි ලිපි ගොනුවලින් සහ ඔවුන්ගේ පැරණි නායකයන්ගෙන් අසා හෝ තහවුරු කර ගත හැකිය.

එසේම අප මීට පෙර ඔහු පිළිබඳව වාර්තා කර තිබෙන ලිපි කිසිවක් ප්‍රතික්ෂේප කර ද නැත. ඒ අනුව මෙහි පහත සඳහන් ලිපි සියල්ලම ඔහු පිළිගෙන තිබේ. ඒවායේ යම් වරදක් තිබේ නම් ඒවා සඳහා පිළිතුරු ලබා දෙන ලෙස අප සඳහන් කර තිබේ.

ඒ අනුව වර්තමාන මැලේසියාවේ ශ්‍රී ලංකා ජනතාවගේ නියෝජතියා ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් මේ වනතෙක් කර තිබෙන රාජ්‍ය තාන්ත්‍රික සේවය සහ ඔහුට එල්ලවන චෝදනා පිළිබඳව සොයා බලා මහජනතාව දැනුවත් කිරීම ශ්‍රී ලංකාවේ රාජ්‍ය බලධාරීන් කළ යුතුය. ඔහු මැලේසියාවේ සිට ශ්‍රී ලාංකිකයන්ගේ මහජන මුදලට තම රාජකාරිය සිදුකර නැතිනම් ඔහු වෙනුවෙන් වියදම් කර තිබෙන  ශ්‍රී ලාංකිකයන්ගේ මුදල් නැවත මහා භාණ්ඩාගාරයට අය කරගත යුතුය.

ඔහු පිළිබඳව අප මීට පෙර වාර්තාකර තිබෙන ලිපි.

Exit mobile version