හිටපු මහ ඇමති නජිබ් අබ්දුල් අභාවප්‍රාප්ත වෙයි.

නැගෙනහිර පළාත් සභාවේ හිටපු මහ ඇමතිවරයෙකු වන නජීබ් අබ්දුල් මජීඩ් මහතා අද (22) උදෑසන කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදි අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු,නියෝජ්‍ය ඇමතිවරයෙකු හා අමාත්‍යවරයෙකු වන ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 66 වන වියේ පසුවූ බව සදහන්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුතූර් ආසන සංවිධායක වු ඒ මහතා1993 පළාත් පාලන මැතිවරණයෙන් ජයගෙන කින්නියා ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විය. ඒ මහතා 2000 වසරේ පැවති මහා  මැතිවරණයෙන් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් ජයගෙන  පොදු පෙරමුණු රජයේ තැපැල් හා විදුලි සංදේශ නියෝජ්‍ය ඇමතිවරයා බවට පත්ව තිබේ.

2004 මහා මැතිවරණයෙන් ජයගෙන පළාත් පාලන හා පළාත් සභා නියෝජ්‍ය ඇමති වූ ඒ මහතා 2007 දි සිදුවූ අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදි සමුපකාර සංවර්ධන ඇමති විය.2012 වසරේ පැවති නැගෙනහිර පළාත් සභා මැතිවරණය ජයගෙන නැගෙනහිර මහ ඇමති වූ මජීඩ් මහතා පසුව 2015 හා 2020 මහා මැතිවරණ වලින් පරාජයට පත්ව තිබූ බව සදහන්.

Exit mobile version