හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාව ඔහුට එරෙහිව පනවා තිබූ නඩුවකින් නිදහස් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (06) නියෝග කළ බව වාර්තා වේ .
ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයකට අදාළ චෝදනා මත ඔහුට එරෙහිව 2019 වසරේ දී එම නඩුව පවරා තිබූ අතර අද (06) නීතිපතිවරයා අධිකරණයට දැනුම්දී ඇත්තේ නාලක සිල්වා මහතාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි.