තරග පාවා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායකට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවා තිබෙන බව වාර්තා වේ .
2020 වර්ෂයේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් පළමු අදියරේදී ක්‍රීඩකයින් දෙදෙනෙකු වෙත ඩුබායි සිට දුරකථන මාර්ගයෙන් තරග පාවාදීමට පෙළඹවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායකට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ලැබී ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව විසින් ක්‍රීඩා අමාත්‍යංශයේ විශේෂ විමර්ශන ඒකකය වෙත දැනුම් දී ඇති අතර ඔහුට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රීඩා අමාත්‍යංශයේ විශේෂ විමර්ශන ඒකකය වෙත උපදෙස් කිහිපයක් ද ලබා දී තිබේ .