ඇමෙරිකාවේ ක්වීන්ස් ප්‍රාන්තයේ සිදුකළ පිහි ඇනුමකින් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඉන් බරපතළ තුවාල ලැබූ තිදෙනෙකු රෝහල්ගතකර ඇති බවත් , එම සිව් දෙනා එකම පවුලේ සාමාජිකයින් බවත් සඳහන් .
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 11 හැවිරිදි ගැහැණු ළමයෙකු, 12 හැවිරිදි පිරිමි ළමයෙකු, 44 හැවිරිදි කාන්තාවක් සහ වයස අවුරුදු 30 ක පිරිමි පුද්ගලයෙකි.
පොලිස් වෙඩි ප්‍රහාරයකින් ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුද ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .