පිහි ඇනුමකින් එකම පවුලේ සිව් දෙනෙකු මරුට.

ඇමෙරිකාවේ ක්වීන්ස් ප්‍රාන්තයේ සිදුකළ පිහි ඇනුමකින් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉන් බරපතළ තුවාල ලැබූ තිදෙනෙකු රෝහල්ගතකර ඇති බවත් , එම සිව් දෙනා එකම පවුලේ සාමාජිකයින් බවත් සඳහන් .

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 11 හැවිරිදි ගැහැණු ළමයෙකු, 12 හැවිරිදි පිරිමි ළමයෙකු, 44 හැවිරිදි කාන්තාවක් සහ වයස අවුරුදු 30 ක පිරිමි පුද්ගලයෙකි.

පොලිස් වෙඩි ප්‍රහාරයකින් ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුද ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .

Exit mobile version