මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍ය කර සිටි සැකකරුවන් සිව් දෙනෙකු පෑලියගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
පසුගිය 28 වනදා පෑලියගොඩ තොරණ හංදිය ප්‍රදේශයේ දී තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් සිව්දෙනා ඊයේ (01) පස්වරුවේ පෑලියගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔවුන් සන්තකයේ තිබී කඩුවක් සහ මන්නා පිහියක් පොලිස් භාරයට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 30, 37, 43 සහ 53 වයස්වල පසුවන කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු පෑලියගොඩ පොලීසිය විසින් සිදු කරනු ලබයි .