මහනුවර කටුගස්තොට ප්රදේශයේ විදුහලක ගුරුවරියක සමඟ සම්බන්ධ තාවයක් පවත්වා විවාහ වන බවට පොරොන්දු වී ඇයගෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විභාග වන නඩුවකට පෙනී නොසිටි සිනමා නළු රංජන් රාමනායකට මහනුවර අතිරේක මහේස්ත්රාත් මොහොමඩ් රාෆි මහතා ඊයේ 21 වරෙන්තුවක් නිකුත් කළේය.
රන්ජන් රාමනායක වෙනුවෙන් ඇප ලබා දී ඇති ඇපකරුවකුට ද තරයේ අවවාද කළ විනිසුරුවරයා චුදිත රන්ජන් රාමනායක අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි පොලිසියට නියෝග කළේය.
සරත් සමරනායක.