ධීවරයින්ට නොමිලයේ භූමිතෙල් හෙට.

පසුගියදා චීන රජය විසින් මෙරට ධීවර ජනතාවට නොමිලයේ බෙදා දීමට ලබාදුන් භූමිතෙල් එම ධීවර ජනතාව වෙත බෙදා දීම හෙට (23) උදෑසන 8.00 ට පානදුර ධීවර වරායේදී බෙදා දීමට නියමිත බවත් ,  භූමිතල් ඉන්ධන පාවිච්චි කරන බෝට්ටු 26,000 කට භූමිතෙල් ලීටර් 150 බැගින් බෙදා දීමට නියමිත බවත්  ධීවර අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළ බව වාර්තා වේ.

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සහ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත සහ ශ්‍රී ලංකා චීන තානාපති වී ෂෙන් හොන්ගේ ප්‍රධානත්වයෙන් සිඳු කිරීමට නියමිතව තිබේ.

Exit mobile version