අවසන් ගමන් එකටම ගිය මිතුරන්

බදුල්ලේ පාසල් වාර්ෂික ක්‍රිකට් තරගයක් අතරතුර කැබ් රථයක් පෙරළී යාමෙන් මියගිය සිසුන් දෙදෙනාගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු අද (03) පස්වරුවේ සිදු කිරීමට නියමිත බවට වාර්තා වේ.

බදුල්ල ධර්මදූත විදුහල සහ ඌව විදුහල අතර පැවති අන්තර් වාර්ෂික ක්‍රිකට් තරගාවලියට සමගාමීව සංවිධානය කර තිබූ රථ පෙළපාලියකදී කැබ් රථයක් පෙරළී යාමෙන් මෙලෙස සිසුන් දෙදෙනෙකු මිය ගොස් තවත් 06 දෙනෙකු තුවාල ලැබීය.

මෙම අනතුරින් බදුල්ල ධර්මදූත විදුහලේ 13 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි ආර්.එම්.රවිඳු සහ හරේන්ද්‍ර රුක්මාල්ට දිවි අහිමි විය.

මොවුන්ගේ දේහයන් බදුල්ලේ සහ හාලිඇළ පිහිටි ඔවුන්ගේ නිවාස තුළ තැන්පත් කර ඇති අතර බදුල්ල මහේස්ත්‍රාත්වරයාගේ නියෝග පරිදි අවසන් කටයුතු අද පස්වරුවේ බදුල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

Exit mobile version