කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු වාර්තාවන්ට අනුව වසර 30 ක කාලයක් ආපස්සට විශ්ලේෂණය කර බැලීමේදී මැයි මාසයේ නිරිත දිග මෝසම් වැසි ඉතා බලවත්ව සක්‍රීය බව සඳහන් වේ.
ඉන් ලංකාවෙන් වැඩිම වර්ෂාපතනය ලෙස කළුතර දිස්ත්‍රිකයට මිලි මීටර් 500 ක් පමණ වර්ෂාපතනයක් ලැබෙන බව දැකගත හැක. එයට සමගාමීව රත්නපුර දිස්ත්‍රිකයට මිලිමීටර 330 කට වැඩි වර්ෂාපතනයක් ද ලැබේ.
එම වැසි හරහා ලැබෙන ජලයෙන් 75% පමණ කළුතර හරහා මුහුදට ගලාබසී. කළුතර දිස්ත්‍රිකයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 14 ක් තිබෙන අතර ආසන්න වශයෙන් ඉන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 7 ක පමණ ජනතාව මෙම වැසි කාලයේ ගංවතුර තත්වයන් හේතුවෙන් දැඩි අපහසුතාවයන් රාශියකට මුහුණ පායි. ඉන් ජීවිත හානිද සිඳු නොවනවාම නොවේ. ඒඅතර බේරුවල, වලල්ලාවිට, පාලින්ද නුවර, මතුගම, හොරණ, බණ්ඩාරගම සහ අගලවත්ත ප්‍රධාන වශයෙන් නම්කළ හැක.
එවන් පසුබිමක් තුළ කළුතර දිස්ත්‍රික් ලේකම් හෝ අනෙකුත් වගකුව යුතු කිසිදු රාජ්‍ය නිලධාරියෙක් ඉදිරියේ එන වැසි සමයට සූදානම්ව නැතිබව අපට අනාවරණය වේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ගංවතුර අවස්ථාවන්වලදී ජලය වැඩිවීම සටහන් වන ජල මාපාංකයන් සවි කොට ඇතත් ඒවා සියල්ල මේ වන විට අක්‍රිය තත්වයේ පවතී.
එසේම ආපදා අවස්ථාවන්වලදී භාවිතා කිරීමට ලබා දී ඇති බෝට්ටු , ඒවායේ එංජින් ක්‍රියා විරහිත වී, අඟුල් ද විනාශ වී තිබේ. එසේම ජනතාව අවතැන් වෙලා ඉන්න අවස්ථාවන්වල ඔවුනට ලබාදීමට කුඩාරම් (tent), අහාර පාන සකස් කිරීමට අවශ්‍ය හැලි වලන් ආදී උපකරණ ඇතුළු ආපදා අවස්ථාවන්වලදී අත්‍යාවශ්‍ය තවත් බොහෝ දේවල් නැති බව අපට වාර්තා වේ.
එසේම මේ සියලු දේවල් ප්‍රාදේශීය ලේකම්වරු ආපදා කළමණාකරන දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇති නමුත් ලැබෙන එකම පිළිතුර වෙලා තිබෙන්නේ “මුදල් නෑ” කියන වග බවද වාර්තා වේ.
සෞඛ්‍ය අංශ පවසන්නේ අමතර රෝහල් ඉදිකිරීමටද මුදල් නොමැති බවයි. එසේම සාමාන්‍ය පෙළ විභාගය එම කාලයට පැවත්වෙන නමුත් අධ්‍යාපන අමාත්‍යංශයේ ඒ සදහා කිසිදු සැලැස්මක් හෝ ඒ වෙනුවෙන් මුහුණ දීමට කිසිදු ක්‍රියාවක් මේ වන තෙක්ම සිඳු කොට නැත.
කළු ගඟේ මෝයකටේ අධික ලෙස වැලි පිරී තිබෙන අතර ඒ සඳහා ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව හෝ වෙරළ ආරක්ෂක අධිකාරියද කිසිඳු සැලකිල්ලක් හෝ අවධානයක් යොමු කොට නොමැත.
මෙම ගංවතුර ආපදා තත්වයන් තරමක් දුරට හෝ වළක්වාලීමට හොරණ ප්‍රදේශයේ පිහිටි ගල් දෙකක් ඉවත් කිරීම සඳහා දැනුම් දී ඇති නමුත් මුදල් නැති බව හඟවමින් එයද අතපසුකොට ඇත. එම ගල් දෙක ඉවත් කිරීමට මුදල වශයෙන් එක ගලකට රුපියල් 175000ක් හා අනෙක් ගල සඳහා රුපියල් 65700 ක් පමණක් වැයවන බව ගණන් බලා ඇති නමුත් එයටද මුදල් නැති බවයි ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙන්නේ.
විශේෂයෙන් වාර්තා වන්නේ කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුවට පසුගිය වසරවල මෙන් මෙවර මෙම අපාදා තත්ත්වය තුළ ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව කිසිඳු සැලැස්මක් හෝ නිවැරදි දැක්මක් නොමැති බවයි.
මේ සඳහා වගකිවයුතු සියලු නිලධාරීන් මේ පිලිබඳව කිසිඳු සැලකිල්ලක් නොදැක්වීමට හේතුව වන්නේ, පසුගිය වසර දෙකක කාලය තුළ ගංවතුර හේතුවෙන් නිවෙස් හානි හෝ ජීවිත හානි හෝ වෙනත් හානීන් සිඳු නොවූ නිසා බවත් , මේ සඳහා වගකිව යුතු සියලු රජයේ නිලධාරීන් මේ පිළිබඳව සැහැල්ලුවෙන් සිටින බවත් වාර්තා වේ.
මෙයින් පෙනී යන්නේ තවත් විනාශයක් එන තෙක් බලා සිටින අපේ රටේ දූෂිත රාජ්‍ය සේවයේ නිලධාරීන් තව දුරටත් සුදු අලින් බව ප්‍රසිද්ධ කරමිනි.
කළුතර දිස්ත්‍රික් ලේකම්වරයා රූකඩයක් වී හෝ දූෂිතයෙක් නොවිය යුතුය. ඔහුගේ වගකීම වන්නේ දැන්වත් මේ සඳහා සූදානම් වීමය. කිසිවකට සූදානම් නොවී, මිනිසුන් අනතුරට පත් වූ පසු මයික් ඉදිරියට පැමිණ ආපදාවේ තත්ත්වය කියා වැඩක් නැත. පසුගිය වර්ෂවල මේ වන විට සියල්ලටම සූදානම්ව සිටින රාජ්‍ය සේවකයන්, මේ වර්ෂයේ තවමත් සූදානම්ව නැත්තේ, තවත් ආණ්ඩු පෙරළියකට , රජයට විරුද්ධව ඇඟිල්ල දිගු කිරීමේ, තුච්ච ක්‍රියාවලියක් ද යන්න, තවත් රාජ්‍ය හිතවාදි රාජ්‍ය සේවකයන් ප්‍රශ්න කරයි.ජනාධිපතිතුමනි , මේ ඔබේ අවධානය පිණිසයි.