අද රාත්‍රියේ ඉන්ධන මිල සංශෝධනයක්.

අද (04) රාත්‍රියේ ඉන්ධන මිල ගණන් සංශෝධනයක් සිදුවනු ඇති බව වාර්තා වේ.

පෙබරවාරි මස අග දී මිල සංශෝධනයක් සිදුවිය යුතු වුවද එය අද දිනයේ දී සිදුවනු ඇති බවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේය.

කෙසේවෙතත් අද දිනයේ දී ඉන්ධන මිලෙහි විශාල වෙනසක් සිදුනොවනු ඇති බව ද වාර්තා වේ.

ඉන්ධන මිල සුත්‍රයට අනුව මාසිකව ඉන්ධන මිල සංශෝධනය කිරීමට සංස්ථාව පියවර ගෙන තිබේ.

ඒ අනුව අවසන් වරට පසුගිය ජනවාරි මස 31 වන දා ඉන්ධන මිල ගණන් සංශෝධනය වු අතර ඔක්ට්‍රේන් 92 පෙට්‍රල්, ඔක්ටේන් 95 පෙට්‍රල්, සුපර් ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ ගියේය.

Exit mobile version