පළාත් පාලන ඡන්ද විමසීමට අදාල ඉදිරි තීරණ ගැනීම සදහා මැතිවරණ කොමිසම ලබන සතිය තුළ යළි රැස්වීමට නියමිත බවට වාර්තා වේ.
මේ වනතෙක් රජයේ මුද්‍රණාලයෙන් මැතිවරණයට අදාල කිසිදු ඡන්ද පත්‍රිකාවක් ලැබී නොමැති බවත් පළාත් පාලන ඡන්ද විමසීම ලබන 25 වැනිදා පැවැත්වීමට පවතින බාධා සම්බන්ධයෙන්ද දීර්ඝ සාකච්ඡාවක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවද එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා ප්‍රකාශ කර තිබේ.