මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයන්ට වැසි රහිත කාලගුණික තත්ත්වයක් පැවතීමත් සමඟ කාසල්රි ජලාශයේ ජල මට්ටම තව දුරටත් පහළ බසිමින් පවතින බව එම ජලාශය භාර නිලධාරීවරයෙකු ප්‍රකාශ කර තිබේ .
මේ පිළිබඳව වැඩි දුරටත් අදහස් දක්වමින් එම නිලධාරීවරයා පවසන ලද්දේ පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ අද (17) දින උදෑසන වන විට මෙම ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 32 අඟල් 5 කින් පහළ පවතින බවත් , ජල මට්ටම මෙසේ පහළ බැස තිබුණ ද ජලාශයේ පවතින ජලය ජල විදුලිය නිපදවීම සඳහා උපරිම ලෙස බෙදා හැරීමට පියවර ගන්නා බවත් ය.