කාසල්රි ජලාශයේ ජල මට්ටම තව දුරටත් පහළට.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයන්ට වැසි රහිත කාලගුණික තත්ත්වයක් පැවතීමත් සමඟ කාසල්රි ජලාශයේ ජල මට්ටම තව දුරටත් පහළ බසිමින් පවතින බව එම ජලාශය භාර නිලධාරීවරයෙකු ප්‍රකාශ කර තිබේ .

මේ පිළිබඳව වැඩි දුරටත් අදහස් දක්වමින් එම නිලධාරීවරයා පවසන ලද්දේ පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ අද (17) දින උදෑසන වන විට මෙම ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 32 අඟල් 5 කින් පහළ පවතින බවත් , ජල මට්ටම මෙසේ පහළ බැස තිබුණ ද ජලාශයේ පවතින ජලය ජල විදුලිය නිපදවීම සඳහා උපරිම ලෙස බෙදා හැරීමට පියවර ගන්නා බවත් ය.

Exit mobile version