අ.පො.ස. සාමාන්‍ය පෙළ 2022(2023) විභාග ප්‍රවේශ පත්‍ර කඩිනමින් අපේක්ෂකයින් අතට ලබා දෙන්නැයි විභාග කොමසාරිස් විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇති බවට වාර්තා වේ.
ප්‍රවේශ පත්‍ර කිසිදු හේතුවක් මත විදුහල්පතිවරුන් විසින් විභාග අපේක්ෂකයින්ට ලබා නොදී රදවා ගැනීම සිදු නොකළ යුතු බවත් යම් අපේක්ෂකයෙකුට ප්‍රවේශ පත්‍ර නොලැබීමෙන් විභාගයට පෙනී සිටීමට නොහැකි වුවහොත් එහි සම්පූර්ණ වගකීම විදුහල්පතිවරයා විසින් භාරගත යුතු බවට විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී අමිත් ජයසුන්දර මහතා සදහන් කර තිබේ.