අ.පො.ස. සාමාන්‍ය පෙළ කල් යයිද?

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කොට ඇත්තේ  ඉදිරියේ දී පැවැත්වීමට නියමිත අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය බොහෝ විට කල්යාමට ඉඩකඩ පවතින බවයි.

තවදුරටත් අදහස් දක්වමින් එමහතා සදහන් කර ඇත්තේ  උසස් පෙළ විභාගය සාර්ථක ව පවත්වා අවසන් කළ ද උත්තර පත්‍ර පරීක්ෂාව සති දෙකකින් පමා වීම හේතුවෙන් විභාග දෙකක් අතර අවම වශයෙන් මාස තුනක පමණ කාල  පරතරයක් අවශ්‍ය බැවින් එම  අඩු වීම හේතුකොට ගෙන  විභාග කල් යා හැකි බවයි

එමහතා වැඩිදුරටත් සදහන් කර ඇත්තේ “උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම ප්‍රමාද වන තරමටම ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වෙනවා. ඒ කාල ප්‍රමාණයෙන් සාමාන්‍ය පෙළ විභාගය පැවැවෙන දිනය  එහාට යන්න ඉඩ තියෙනවා.” ලෙසයි.

Exit mobile version