ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද අලුයම් කාලයේ සිට දවස පුරා ඇද හැළුණු ධාරාණිපාත වරෂාවත් සමග යළිත් පහත්බිම් සහ මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති අතර ගමනා ගමනයටද බාධා එල්ල වූ බව වාර්තා වේ.
ගාල්ල බද්දේගම පාරේ දංගෙදර,තලාපිටිය,කෝන්ගහ හන්දිය ආදී ප්‍රදේශවල මාර්ග රැසක් සම්පුර්ණයෙන්ම ජලයෙන් යටවී තිබේ.
වාරි මාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ මේ වනවිට සාමාන්‍ය මට්ටමේ තිබෙන ගිංගගේ ජල මට්ටම අධික වැස්සත් සමග ඉහල යමින් පවතින බවයි.
ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත විරසිංහ මහතා පැවසුවේ යලිත් හදිසි ගංවතුර තත්ත්වයක් හෝ වෙනත් ආපදා තත්ත්වයක් ඇති වුවහොත් පීඩාවට පත්වන ජනතාවට අවශ්‍ය සියලු සහන සැලසීමට කටයුතු සුදානම් කර තිබෙන බවයි.