ගම්පහට ගංවතුර අවදානමක්.

අන්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ගම්පහ, ජාඇළ ඇතුළු ප්‍රදේශවල පහත් බිම්වලට ගංවතුර අවදානමක් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බව වාර්තා වේ .

එහි අධ්‍යක්ෂ එස්.පී.සී සුගීස්වර මහතා සඳහන් කළේ මේ පිළිබඳ ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවයි.

වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා ,

“අත්තනගලු ඔයේ දරා ප්‍රදේශවලට ඊයේ සවස් කාලයේ සිට ඇති වු වැසි තත්ත්වය නිසා විශේෂයෙන්ම අත්තනගලු ඔය ඉහළ ප්‍රදේශවල ජල මට්ටම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව අත්තනගලු ඔය ද්‍රෝණියේ අත්තනගල්ල, ගම්පහ, ජාඇළ, වත්තල ඇතුළු අත්තනගලු ඔය දෙපස පහත් බිම් ප්‍රදේශවල සුළු ගංවතුර අවධානමක් පවතින බව සඳහන් කර යුතුයි. මේ අනුව අත්තනගලු ඔය ද්‍රෝණියේ පහත් බිම් ප්‍රදේශ හරහා වැටී ඇති මාර්ග භාවිතා කිරීමේදී ඉතා දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස එම මාර්ග භාවිතා කරන රියදුරු මහත්වරු සහ ඒ වගේම රථ වාහන මගීන්ගෙන් ඉල්ලා සිටිනවා. මෙම තත්ත්වය තවදුරටත් අද දිනය තුළ සුළු වශයෙන් වර්ධනය වීමේ හැකියාවක් පවතින නිසා මේ තත්ත්වය සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකිලිමත් වන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”

Exit mobile version