ගම්පහ දිස්ත්‍රික්කයේ ලාදුරු රෝගීන් හදුනාගැනීමේ වැඩිවීමක් පවතින බැවින් ජනතාව සැලකිලිමත් විය යුතු බවට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කර ඇති බව වාර්තා වේ.
ජාතික ලාදුරු මර්ධන ඒකකයෙහි සහ ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ඉන්දික වන්නිනායක මහතාගේ උපදෙස් පරිදි රෝගීන් හදුනාගැනීම පිණිස සිදු කරන ලද පරීක්ෂාවන් අනුව මෙම වසර තුලදී මේ වනවිට ගම්පහ දිස්ත්‍රික්කයෙන් ලාදුරු රෝගීන් 130 දෙනෙකු පමණ හඳුනා ගැනීමට හැකිව ඇති බවට දිස්ත්‍රික් වසංගත රෝග විශේෂඥ වෛද්‍ය නිලංගී සුභසේකර මහත්මිය ප්‍රකාශ කර තිබේ.
ඇය වැඩිදුරටත් සදහන් කරන්නේ ලාදුරු රෝග තත්ත්වය කලින් හඳුනාගනිමින් නිසියාකාරව වෛද්‍ය ප්‍රතිකාර ලැබීම මත නිට්ටාවට සුවපත් විය හැකි බවත් එසේ නොවුණහොත් විකලාංග තත්ත්වයකට පවා පත්විය හැකි බවයි.
හිරිවැටීම් සහිත වීම සහ සමෙහි ළප කැළැල් වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් සමේ රෝග සායනයක් හෝ සමේ රෝග වෛද්‍යවරයෙකු වෙත යොමුවීමෙන් අවශ්‍ය ප්‍රතිකාර ලබාගත යුතු බවටද ඇය පෙන්වා දී තිබේ.