ගෑස් මිල සංශෝදනය අද.

මාසිකව සිදුවන මිල සූත්‍රයට අනුව මෙවර ගෑස් මිල සංශෝධනය අද (04) ප්‍රකාශයට පත් කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ලිට්‍රෝ ගෑස් සමාගම මඟින් පසුගිය සැප්තැම්බර් 04 දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල ඉහළ දැමීමට පියවර ගන්නා ලදී.

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ ලෝක වෙළෙඳපොළේ පවතින ගෑස් මිල ඉහළයාම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

Exit mobile version