- ප්‍රදේශයේ පොලිස් ලොක්කන් නොමග යවලා!.
- ජනවාරි මාසය තුළ පමණක් සිදුකරනා ව්‍යාපෘතියක් පිලිබදව දැනුවත් කරලා!.
- සංඛපාල භාරකාර හිමිනම පරස්පර පිළිතුරු දිලා!.
- නිධන් හැරීම පිළිබදව ප්‍රසිද්ධ පුද්ගලයෙකුගේ නිවසේ රාජකාරිය වාහනය තිබිලා!.
රත්නපුර පල්ලෙබැද්දේ පිහිටි සංඛපාල කදු ඉතිහාසගත කදුවැටියක් බව අප මීට පෙරද වාර්තා කර තිබේ. එම කදු වැටියේ අභිරහස් විශාල ප්‍රමාණයක් තවමත් සොයාගෙන නැති නමුත්, එහි තිබෙන වස්තූන් කොල්ලකෑම සදහා නිධන් හොරුන් දිගින් දිගටම කටයුතු කරනුයේ ශ්‍රී සංඛපාල විහාර භාරකාර කොකාවල කෝශල නමැති චීවරධාරියෙකු සමග එක්ව බව අප මීට පෙරද වාර්තා කර තිබේ. මේ වන විටද සිදුවෙමින් පවතින්නේ එම චීවරධාරියගේ අවශ්‍යතාවය මත, රාජකාරී කටයුත්තක් සේ පෙන්වා , අභිරහස් ආකාරයෙන් නිධන් මංකොල්ලයකට සූදානමක් බව ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරයි.
සංඛපාල රජ මහා විහාරයට අයත් වන්නේ ඉඩම් අක්කර 75 කටත් අඩු ප්‍රමාණයක් බව ලිඛිතව අප මීට පෙර වාර්තා කර තිබෙන්නේ සාක්ෂි සහිතවය. එසේම එම නාම මාත්‍රික චීවරධාරියා පන්සලට අයත් නොමැති ඉඩම් වලින් මුදල් වංචා කරන ආකාරයද අප මීට පෙර සාක්ෂි සහිතව අනාවරණය කර තිබේ. මෙි වන විටද වනජීවී දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් සදහා නීතිවිරෝදී ලෙස කූට ඔප්පු සකසා තිබේ. නමුත් උඩවලවේ පොලිස් ස්ථානාධිපති හෝ ඇඹිලිපිටියේ සහකාර පොලිස් අධිකාරිවරයා හෝ ඒවාට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් අතර උඩවලවේ හිටපු පොලිස් ස්ථානාධිපති මේ වන විට විශ්‍රාම ගොස් තිබේ.
එවන් දූෂිත ඉතිහාසයක් මේ වන විට ලියා තිබෙන එම පොලිස් බල ප්‍රදේශයේ පිහිටි මෙම සංඛපාල කොකාවල කෝෂල පනහඩුවේ පිහිටි සද්ධාතිස්ස රජු විසින් කරවන ලද රන්මිණි කොත නමැති ගරා වැටුණු සෑයේ සලපතල මලුව බවට සැලකෙන ස්ථානයේ ද සන්නිවේදන කුළුණක් ගොඩ නැගුවේ එහි ගර්භයේ තිබෙන නිධන් වස්තූන් කොල්ලකෑමටය. එසේම එම ඉඩමද ඔහු නීතිවිරෝදී ලෙස අත්පත් කරගෙන තිබෙන බවද, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ එක්ව කූට ලේඛන සකසා තිබෙන ආකාරය පිළිබදව උඩවලව පොලිස් ස්ථානයට කර තිබෙන පැමිණිල්ලද තවමත් නිද්‍රා සුවයේ තිබේ. එවන් දූෂිතයන් හා එක්ව සිටින මීගහයායේ ජනතාවගේ ඉඩම් බලහත්කාරයෙන් කොල්ලකෑමට රත්නපුර දිස්ත්‍රික් ලේඛ්ම්වරිය, ඇඹිලිපිටියේ ප්‍රාදේශීය ලේඛම්, උඩවලව පොලිස් ස්ථානාධිපති ඇතුළු රාජ්‍ය නිලධාරී කොකාවල කෝශල නැමති දෙව්දත් කුලයේ පූජ්‍ය පක්ෂය වෙනුවෙන් උපකාර කළ අයුරුද වීඩියෝ සාක්ෂි මගින් අප ඉදිරිපත් කරන ලදී. එහිදී මහජනතාව පුරා පැය දෙකකට ආසන්න කාලයක් සංඛපාල ගල්කොරිය හංදියෙන් ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණය කළේ අප ඉහතින් සදහන් කළ සියලුම දෙනාට එරෙහිවය.
එම සියල්ලම සිදු වී අවුරුද්දකට පමණ පසුව නැවතත් මෙම දූෂිත කණ්ඩායම එක්ව රාජකාරී මට්ටමින් මෙසේ භූගත වස්තූන් සිතියම්ගත කරන්නේ පුරාවිද්‍යා දෙපර්තෙම්න්තුවද නොමැතිවය. මේ පැමිණ සිටින නිලධාරීන් සතුව භූගත ස්ථාන පරීක්ෂා කරන උපකරණද තිබේ. එසේම මහජන විරෝධය මැද, හම්බන්තොට සිමෙන්ති කම්හල වෙනුවෙන් විකිණීමට උත්සාහ කළ මේ කදු වැටියේ කාටත් හොර රහසේම අලුතින් නටන නාඩගම කුමක්ද?. එසේම මීට පෙරද මෙම ස්ථානයේ අනෙක් පසට පැමිණි භූ විද්‍යා නිලධාරීන් පීඩාවට ලක් වූ ගම්වැසියන්ට එරෙහිව පැමිණිල්ලක්ද යොදා තිබේ. පොලිස් ස්ථාන ගණනාවක් පසු කර ගොස් ඔවුන් එම පැමිණිල්ල යොදා තිබුණේ අතුරුගිරිය පොලිසිය තුළය. එම දූෂිත ක්‍රියාවලියට උපකාර කළ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ උඩවලව පොලිසිය සහ එම ප්‍රදේශය භාරව සිටී උසස් පොලිස් නිලධාරීන්ගේ අනුහසින් අනාගත මෙන්ම වර්තමාන පරපුරක් විනාශ කිරීමට ඉඩහැරීම නින්දා සහගතය.
අලුතින් කෙරෙන සිතියම් ගත කිරිමෙන් පසුව ඒවායේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් යොදන්නේද?, කොකාවල කෝශල නමැති පූජ්‍ය පක්ෂයට අයත් , නමුත් ඔහුට අයත් නැති ඉඩම්වල සිදු කෙරනා කටයුතුවලට මහජන මුදලින් වැටුප් ලබනා රාජ්‍ය නිලධාරීන් මැදිහත් වුයේ කෙසේද?. නිධන් බහුල ප්‍රදේශයක් වන මෙම ප්‍රදේශයෙන් මතුකරගන්නා නිධන් වස්තූන් ආරක්ෂා කරගැනීමට මෙම රාජ්‍ය නිලධාරීන් කටයුතු කරන්නේද?. පුරාවිද්‍යා නිලධාරීන් මෙයට සම්බන්ධව සිටින්නේද?, වනජීවී දෙපාර්තමේන්තුවට අයත් බවට සැලකෙන මෙම ප්‍රදේශයේ මෙවැනි දෙයක් සිදුවන බවට ඔවුන් දැනුවත්ද?, මෙය විශේෂ ව්‍යාපෘතියක් නම් කැබිනට් මණ්ඩලය මේ සඳහා අනුමැතිය ලබා දී තිබෙන්නේද?. එබැවින් මේ සියල්ලටම විශේෂ පරීක්ෂණයක් සිදුකල යුතු අතර අපට වාර්තා වන ආකාරයට මෙය තනිකරම අශුද්ධ කටයුත්තකි.වන්නේ කුමක්ද යන්න අපගේ මාධ්‍යවේදින් දිගින් දිගටම බලා සිටින නමුත් සියලුම දූෂිතයන්, රාජ්‍ය සේවයේ මාෆියාව සමග එකතුව සිටී. නමුත් විශ්‍රාම ගියත් මතු දිනයක ඔවුන්ට විශේෂ පරීක්ෂණවලට පැමිණීමට සිදුවනු ඇත. එසේම මහින්ද රාජපක්ෂගේ ඡායාරූපයට වදිමින්, බුදු දහමට පහර ගසනා ශ්‍රී සංඛපාල විහාර භාරකාර, කොකාවල කෝශල නැමති නාමික පූජ්‍ය පක්ෂයට අයත් පුද්ගලයාට එරෙහිව පැරණි පැමිණිලි ක්‍රියාත්මක කළ යුතුව තිබෙන අතර, අනාගත නිදන් මංකොල්ලයකට සහ වෙනත් ව්‍යාපෘතියක් හරහා නැවතත් මහජනතාවට පීඩා කිරීමේ කූට කුමන්ත්‍රණය සොයා නීතිය ක්‍රියාත්මක කළ යුතුව ඇත.
සංඛපාල කන්ද ආශ්‍රිතව මීට පෙර සිදු වූ ක්‍රියාකාරකම්වලට අනුව වර්තමානයේ ක්‍රියාත්මක වෙමින් පවතින ක්‍රියාවලිය ද ශුද්ධ ක්‍රියාවලියක් බවට සිතීමට ඉඩක් නැත. මෙය ද ඔවුන් මෙතෙක් කරගෙන ආ දූෂිත ක්රියාවලියලියට අයත් තවත් එක් ක්‍රියාවක් බව තවත් වර්ෂ කිහිපයකදී නියත වශයෙන්ම අනාවරණය වනු ඇත. ඒ අනුව තත්ත්වය තරාතිරම් නොබලා දීර්ඝ කාලයක් තිස්සේ මෙහි මහජනතාවට සහ රජයට එරෙහිව සිදුවන කුමන්ත්රණකාරී ක්‍රියාවලියන් අනාවරණය කරගත හොත් සහ අනාවරණය වී ඇති , පොලීසිය මගින් යටපත් කර ඇති , අපරාධ වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේ නම් ශ්‍රී ලංකා පොලීසියේ පවිත්රභාවට තවත් එක් හේතුවක් වනු ඇත. එසේ නොවන්නේ නම් මහජනතාවට යුක්තිය ඉටුවන තෙක් දිගින් දිගටම අපට ලිවීමට සිදු වේ. එහි අපකීර්තිය ලැබෙන්නේ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවටමය .