තමන්ව 2010 වසරේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කළේ නැත්තටම නැති කරන්නට යැයි හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවසූ බව වාර්තා වේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදයට එක්වෙමින් මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.
තමා අමාරුවේ දාන්න සෞඛ්‍ය අමාත්‍යවරයා කළත් නතර වූයේ ජනාධිපතිවරයා වීමෙන් යැයිද නව සෞඛ්‍ය අමාත්‍යවරයාට ද ඒ කාරණය මතක් කළ යුතුව ඇතැයි ද මෛත්‍රිපාල සිරිසේන සඳහන් කළේය.
සෞඛ්‍ය අමාත්‍යංශය වංචා දූෂණ ගැන බොහෝ නම ගිය තැනක් බවද හිටපු ජනාධිපතිවරයා පැවසීය.