ඕස්ට්‍රේලියානු රජය විසින් ශ්‍රී ලංකාවට ඕස්ට්‍රේලියානු රාජකීය ගුවන් හමුදාවට අයත් Beechcraft KA 350 ගුවන් යානය තිළිණ කර ඇති බව වාර්තා වේ.
මෙම ගුවන් යානය නවීන ද්විත්ව එන්ජින් සහිත turboprop ගුවන් යානයකි.
මෙම ගුවන් යානය පිරිනැමීමට අදාළව ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය Clare O’Neil විසින් ලබා දුන් ලිපිය ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්වීවන්ස් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත නිල වශයෙන් භාර දුන් බව වාර්තා වේ.
එමෙන්ම මෙම ගුවන් යානය ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ආරක්ෂාව ආරක්ෂා කර ගැනීමේ හැකියාව ශක්තිමත් කරනු ඇති බවත් , එය ජාත්‍යන්තර අපරාධ මැඩලීමේ සමීප සහයෝගතාවයේ තවත් විදහා දැක්වීමත් බවත් ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා ට්විටර් සටහනක් තබමින් සඳහන් කර තිබේ.