එල්ලක්කල ප්‍රදේශයේ හෝටලයකදී ඉකුත් 2 දා පෙම්වතාගේ ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා වතුපිටිවල මූලික රෝහලේ සිහිසුන්ව අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් පසුවූ පෙම්වතිය මියගොස් ඇති බවට නිට්ටඹුව පොලීසිය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මෙසේ මිය ගොස් ඇත්තේ කෘෂි විද්‍යාව උපාධිධාරිණියක වූ කුරුණෑගල රිදීගම ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණියකි.
පෙම්වතියට පහරදුන් පෙම්වතා රත්නපුර ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණයෙකි.
ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් භාරයට පත් කර තිබේ.
පහරකෑමට ලක්වූ පෙම්වතිය වෙනත් තරුණයකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගෙන ඇතැයි යන සැකයක් මුල් කරගනිමින් මෙම පහරදීම සිදුවී ඇති බවට පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබේ.
පෙම්වතා සහ පෙම්වතිය එකම විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේ මෙම ප්‍රේම සම්බන්ධතාවය ආරම්භ කර ඇති අතර පෙම් සම්බන්ධතාවයට මේ වන විට වසර හතරක් ඉක්මවා ඇතැයිද ඔවුන් මීට වසර දෙකහමාර කට පමණ ඉහතදී විශ්වවිද්‍යාලයෙන් පිටව ගොස් ඇති අතර පෙම්වතිය නිට්ටඹුව එල්ලක්කල ප්‍රදේශයේ පිහිටි සත්ව ගොවිපලක රැකියාවක යෙදී සිට ඇතැයිිද පොලීසිය පවසයි.