මූලික අවශ්‍යතා සපුරාගන්න පුළුවන් වැටුපක් මාධ්‍යවේදීන්ටත් දෙන්න – අනුර දිසානායක .

මිනිසකුගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීමට හැකි වැටුපක් මාධ්‍යවේදීන්ටත් ලබාදීමට කටයුතු කරන්නැයි ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා
අද (08) ජනමාධ්‍ අමාත්‍යංශයේ වැයශීර්ෂ පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අමතමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ .

අද රටේ මාධ්‍යවේදීන් ඉන්නේ බොහෝ දුෂ්කර ආර්ථික තත්ත්වයක බවත් , රූපවාහිනී වල මෙන්ම පත්තර කාර්යාලවල ලැබෙන දීමනා ප්‍රමාණවත් නොමැති බවත් ඔහු සදහන් කරන ලදී .

එමෙන්ම සමාජයට බොහෝ පණිවිඩයක් ගෙන යන මාධ්‍ය ආයතන වැසී ගියොත් තොරතුරු ගලායාමේ අන්ධකාරයක් ඇතිවෙන බවත් , මාධ්‍යවේදීන් මුහුණපාන ගැටලුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් විමසා බැලිය යුතු බවත් ,
මාධ්‍යවේදීන් වෙනුවෙන් විවිධ ආණ්ඩු නිවාස ,සහන ණය,රක්ෂණ ආදී විවිධ වැඩසටහන් ආරම්භ කළ නමුත් ඒ සියල්ල නතර වී තිබෙන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී .

Exit mobile version