කාන්තාවක් සමග ගිහින් ASP පිළියන්දල පොලිසියේ යකා නටයි.

සහකාර පොලිස් අධිකාරිවරයකු තමාට හිතවත් කාන්තාවක් සමග පිළියන්දල පොලිස් ස්ථානයට ගොස් එහි නිලධාරීන්ට බැණ වැදි ආවේගශීලිව හැසිරීමක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තාවේ.

එසේ කිරීමට හේතුව ලෙස දැක්වෙන්නේ  සහකාර පොලිස් අධිකාරිවරයා සමග පැමිණි කාන්තාව  විසින් දිනකට පෙර කරන ලද පැමිණිල්ලක් විභාග නොවීම බවයි වාර්තාවන්නේ.

සහකාර පොලිස් අධිකාරිවරයකු හට හෝ කිසිදු පොලිස් නිලධාරියකුට සුදුසු නොවන අයුරි මෙලෙස හැසිරී ඇත්තේ  බස්නාහිර පළාත ප්‍රජා පොලිස් කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරිවරයකු  බව පොලිස් ආරංචි මාර්ග කියයි.

ඇගලුම් අලෙවි කිරීමකදී මතුවූ මුදල් ආරවුලක් හේතුවෙන් පැලැන්වත්ත, පොල්හේන ප්‍රදේශයේ කාන්තවක විසින් කරන ලද පැමිණිල්ලක් විභාග නොකෙරු බවට  එම  සහකාර පොලිස් අධිකාරිවරයා විසින්  එලෙස කටයුතු කර ඇති බව වාර්තාවේ.

සහකාර පොලිස් අධිකාරිවරයා විසින්  සුළු පැමිණිලි අංශයේ වැඩ බලන  ස්ථානාධිපතිලෙස කටයුතු කළ උප පොලිස් පරික්ෂකවරයාට මෙන්ම අනකුත් නිලධාරීන්ට බැනවැදී ඇත්තේ  “තමුසෙලා ඕයි ඇහැට කනට පේන කෑල්ලක් ආවොත් විතර ද වැඩ කරන්නේ උඹලා සල්ලි අරගෙන තමයි වැඩ කරන්නේ උඹලාගේ හැටි මම දන්වා” යැයි පවසමින් පොලිස් භූමිය තුළ ඒමේ අත ඇවිදිමින් ආවේගශීලි ලෙස හා අශෝභන ලෙස  බැණ ඇතැයි සදහන්වේ.

Exit mobile version