දේශීය රත්තරන් වෙළෙඳපොලේ රත්තරන් මිල අද (17) දිනය වන විට තරමක් පහළ ගොස් ඇති බව වාර්තා වේ.
කැරට් 22 රත්තරන් පවුමක් රුපියල් 158,000 ක් දක්වා ද, කැරට් 24 රත්තරන් පවුමක් රුපියල් 172,000 ක් දක්වා ද, අද (17) දිනයේ පහළ ගොස් තිබූ බවත් මීට සතියකට පෙර කැරට් 22 රත්තරන් පවුමක මිල රුපියල් 159,000 ක සහ කැරට් 24 රත්තරන් පවුමක මිල රුපියල් 173,000 ක පැවති බවත් රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.