ගොවීන් හට නොමිලේ යුරියා පොහොර මිටිය බැගින් නොමිලේ බෙදාදීම මේ වනවිට ආරම්භ කොට ඇතිබව වාර්තාවේ.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කොට ඇත්තේ තෝරාගත් ගොවීන් පිරිසක් සඳහා මෙලෙස නොමිලේ යූරියා පොහොර ලබාදීමේ වැඩසටහන ආරම්භ කර ඇති බවයි.
ඒ මහතා තවදුරටත් සදහන් කර ඇත්තේ එම පොහොර ලබාදීම හෙක්ටයාර භාගයට වඩා අඩු ගොවීන්ට පමණක් හිමිවන බවත් මෙම වැඩසටහන මේ වනවිට දිස්ත්‍රික්ක 07ක ක්‍රියාත්මක කර ඇති බවත්ය.
තවද හෙක්ටයාරයකට රුපියල් 20,000 ක් ලබාදීමේ වැඩසටහනද මේ සමගම ආරම්භ කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර තිබේ.