ගෝඨාභය එක්කෝටි හැත්තෑ අට ලක්ෂයේ සියලු තතු හෙළි කරයි.

ඉකුත් වසරේ පැවති අරගලයේ දී ජනාධිපති මන්දිරයේ තිබී අරගල කරුවන් විසින් සොයාගත් රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂය ඉක්මවූ මුදල හමු වූ ආකාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ .

වාර්තා වන ආකාරයට හිටපු ජනපතිවරයා සඳහන් කර ඇත්තේ එම මුදල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ව්‍යාපාරික අරමුදලෙන් තමන් වෙත භාර දෙන ලද්දක් බවයි.

එමෙන්ම මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා දෙවන ප්‍රකාශයක් මගින් දැනුම් දී ඇති බව සදහන් වේ.

අදාල මුදල අරගලකරුවන් විසින් විනාශ කළ දේපොළ යථා තත්ත්වයට පත් කිරීමට භාවිතා කිරීමට නියමිතව තිබූ බව ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩි දුරටත් සඳහන් කර ඇති බව වාර්තා වේ .

Exit mobile version