පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා භාර දුන් රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයින්ට අද (09) සිට සේවයට වාර්තා කිරීමට අවස්ථාව ලබා දී ඇති බව සඳහන්.
ඒ අනුව නාම යෝජනා භාර දී ඇති බල ප්‍රදේශය තුළම රැකියාවේ නිරත වූ පුද්ගලයින් තමා සේවය කරනු ලබන ආයතන ප්‍රධානියා හරහා වෙනත් ආසන්න බලප්රදේශයකට ස්ථාන මාරුවක් සිදු කරගත යුතු බවත් , එසේ සේවයට වාර්තා කරනු ලබන සේවකයින් හට සියලු දීමනා සහිතව පූර්ණ වෑටුප ලබා දීමට තීරණය කර ඇති බවත් පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම නාමයෝජනා භාර දී , තම බලප්‍රදේශයට පරිබාහිරව සේවයේ නිරත වන සේවකයන් හට ගැටලුවකින් තොරව අද (09) සිට සේවයේ නිරත විය හැකි බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කර තිබේ.