දුම්රිය, ත්‍රීරෝද රථ සහ පාසල් ප්‍රවාහන සේවා ගාස්තු ඇතුළු ප්‍රවාහන කේෂ්ත්‍රයට අදාළ ගාස්තු පිළිබඳ තීරණ ගැනීමේ බලය ජාතික ගමනාගමන කොමිසමට ලබාදීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.
මීට අදාළ පනත වෙනස් කිරීම සඳහා මේ වනවිට නීතිපතිවරයා වෙත අදාළ ලියකියවිලි යවා ඇතැයි අද (02) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසා තිබේ.
ඒ අනුව ඊයේ (01) දිනයේ දී ප්‍රවාහන කේෂ්ත්‍රයට අදාළ ගාස්තු පිළිබඳ තීරණ ගැනීමේ බලය ජාතික ගමනාගමන කොමිසමට ලබාදෙන ලෙස දන්වමින් තමා කැබිනට් පත්‍රිකාවක් ලබාදුන් බව ද අමාත්‍යවරයා මෙහිදි කියා සිටියේය.
එහිදී වඩාත් සාධාරණ ලෙස මිල ප්‍රතිපත්තියක් ඇති කළ හැකි බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.