විශ්වවිද්‍යාලවල සිටිය යුතු ආචාර්යවරුන් 12000න් දැන් සිටින්නේ පන්දහසක් පමණ අඩු සංඛ්‍යාවක් හෙයින් ඒ ගැටලුව වහා විසඳීමට කටයුතු කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (05) පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් සිදු කළ බව වාර්තා වේ.
පළමුවැනි ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා සියලුම පාසල් සිසුන්ට පරිගණක අධ්‍යාපනය ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලබා දිය යුතු බව පැවසූ විපක්ෂනායකවරයා කොරෝනා පැවති වසර දෙකේදී රටේ දරුවන්ට අහිමි වූ අධ්‍යාපනය දීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකරන්නේ මන්දැයි ප්‍රශ්න කර තිබේ.
ඔහු මෙසේ පැවසුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.