හාලිඇල තවත් පාරක් වැහෙයි.

හාලිඇල උඩුවර නේපියර් මාර්ගයට අද (15) අලුයම විශාල පස්කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය මුලුමනින්ම ඇණහිට ඇති බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසා ඇති බව වාර්තා වේ.

දැනට සවස්වරුවේ පතිතවන ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙසේ උඩුවර නේපියර් මාර්ගයට විශාල පස්කන්දක් කඩා වැටී ඇති අතර , ප්‍රවාහන පහසුකම් ඇන හිට තිබීම නිසාවෙන් උදෑසන පාසල් යන සිසුන් මෙන්ම රැකියා වලට යන උදවියද, රෝහල් කරා යන රෝගීන් ද දැඩි අපහසුතාවට පත්ව සිටි බව වාර්තා වේ.

Exit mobile version