ඔක්තෝබර් 07 වනදා හමාස් වෙඩික්කරුවන් විසින් ගාසා ඊශ්‍රායල් දේශසීමාවේ පිහිටි ජනපද සහ සංගීත උත්සවයක් ඉලක්ක කර සිදු කළ ආක්‍රමණයෙන් 1400ක් පමණ මියගොස් තිබුණි.
වාර්තා වන ආකාරයට 23 හැවිරිදි ශානි ලූක් නෝවා සංගීත උත්සවයට එක්ව සිටියදී හමාස් සටන් කරුවන් විසින් පැහැරගෙන ගොස් තිබුණි.
ඇය සුරූපී තරුණියක් මෙන්ම ඊශ්‍රායල් – ජර්මන් සම්භවයක් සහිත තරුණියකි.
ඇගේ අඩ නිරුවත් සිරුර කැබ් රථයක දමාගෙන ගාසා තීරයේ ප්‍රදර්ශනය කිරීමට හමාස් සාමාජිකයින් කටයුතු කර ඇති අතර බොහෝ අය සිතුවේ ඇය සිහිසුන්ව සිටි බවයි.නමුත් ඇය මරණයට පත්වී ඇති බවට තහවුරු වුණු බව ඊශ්‍රායල් ආරක්ශක අංශ පවසා තිබේ.
ඊශ්‍රායල් විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ ඇගේ සිරුරේ කොටස් හමු වූ බවත් ඒ සම්බන්ධයෙන් සිදු කළ පර්යේෂණයකින් අනතුරුව ඇය මිය ගොස් ඇති බවට තහවුරු කරගත් බවයි.