හරක් කටා යළිත් CID යට.

ප්‍රතිකාර සඳහා පොලිස් රෝහල වෙත ඇතුළත් කරනු ලැබූ නදුන් චින්තක නොහොත් හරක් කටා යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන විත් තිබෙන බව වාර්තා වේ .

එහි උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ ඔහුගේ ශරීරයේ තිබූ සීරීම් තුවාල කිහිපයක් සඳහා ප්‍රතිකාර කිරීමට මෙලෙස රෝහල් ගත කළ බවයි. නමුත් ඔහුට හෘදයාබාධයක් වැළදී ඇති බවට ඇතැම් වාර්තා පළ වුණි.

රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින නඳුන් චින්තක නොහොත් හරක් කටා මීට දින කිහිපයකට පෙර උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ ගිනි අවිය උදුරාගෙන පළා යාමට තැත් කළ අතර මේ සම්බන්ධයෙන් පොලීසිය අධිකරණයට කරුණු දැක්වූ අවස්ථාවේදී හරක් කටාගේ නීතිඥයන් සඳහන් කළේ එම අවස්ථාවේ සිදු වූ පොර බැදීමෙන් ඔහුට සීරීම් තුවාල සිදුව ඇති බවයි .

Exit mobile version