‘හරක් කටා ‘ ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලයි.

අත්අඩංගුවේ පසුවන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා විසින් තම නීතීඥවරුන් මාර්ගයෙන් තම ජීවිත ආරක්ෂාව තහවුරු කරදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මුලික අයිති වාසිකම් පෙත්සමක් ගොනු කර ඇති බව වාර්තාවේ.

ඒ ඔහු රැදවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ රදවා තබා ගනිමින් සිටින බව පවසමිනි.

පෙත්සමෙන් පෙන්වා දී  ඇත්තේ මේවන විටත් තම ජීවිතයට දැඩි ජීවිත අවදානම් තත්වයක් මතුව ඇතිබවයි.

ඔහු විසින් ගොනුකර ඇති පෙත්සමේ වගඋත්තර කරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, පොලිස්පති හා බස්නාහිර පළාත්  නියෝජ්‍ය පොලිස්පති පෙන්වාදී ඇති බව වාර්තා වේ.

Exit mobile version