දීපවාලි උත්සවයෙන් හැටන් නගර සභාවට කිරි ඉතිරෙයි.

දිපවාලි උත්සව සමය තුලදි තාවකාලික වෙළදාම් සඳහා වෙළද කුටි ඉදිකර ගැනිම සඳහා බිම් කොටස් වෙන්දේසි කිරිමෙන් හා හැටන් නගර ශාලාව බදු දීම තුලින් හැටන් දික්ඔය නගර සභාවට රුපියල් හතලිස් පන් ලක්ෂ පනස්දාහක අමතර ආදායමක් උපයා ගැනිමට හැකිවූ බව එම නගර සභාවේ ලේකම් ඩි. වි. පි. බණ්ඩාර මහතා පවසයි.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ බණ්ඩාර මහතා පවසන ලද්දේ දීපවාලි උත්සවය සඳහා වාර්ෂිකව තාවකාලික වෙළදාම් සඳහා නගර සභාවට අයත් හැටන් නගර ශාලාව බදු දිම මෙන්ම නගර සභාවට අයත් තරු චතුරස්‍ර භුමිය හා ශක්කි ශාලාව අසල භුමිය තාවකාලික වෙළද කුටි ඉදි කර ගැනිම සඳහා වෙන්දේසි කරන බවත්ය.

ඒ අනුව මෙවර දිපවාලි උත්සව සමය තුලදි තාවකාලික වෙලදාම් සඳහා නගර ශාලාව බදු දිමෙන් හා තරු චතුරස්‍ර භුමියේ හා ශක්ති ශාලාව අසල භුමියේ කොටස් තාවකාලික වෙලද කුටි ඉදි කර ගැනිමට වෙන්දේසි කිරිමෙන් මේ වන විට රුපියල් හතලිස් පන් ලක්ෂ පනස් දාහක මුදලක් නගර සභාවට ලැබි ඇති බවත්ය.

වෙන්දේසි කිරිමට වෙන්කර තිබු තවත් බිම් කොටස් කිපයක් මේ වන විට ඉතිරිව ඇති බවත් එම කොටස්ද යම් හෝ පිරිසක් ලබා ගත් විට මෙම මුදල තවත් ඉහල යාහැකි බවත් මෙසේ ලැබෙන සියළුම මුදල් නගර සභා බල ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සඳහා යෙදවිමට පියවර ගන්නා බවද බණ්ඩාර මහතා වැඩි දුරටත් පවසන ලදි.

Exit mobile version