හැටන් ඩිපෝ බස් රථ සීසන් සිසුන් මගහැරලා.

හැටන් ලංගම ඩිපෝව මගින් ධාවනය වන සමහර බස් රථවලට සීසන් ලබා ගෙන ඇති පාසල් සිසුන් නිසි ලෙස නොගැනීමත් සමග එම සිසුන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව තිබේ.

මෙම තත්ත්වයන් පිළිබඳව අදහස් දක්වන පාසල් සිසුන් පිරිසක් පවසනුයේ හැටන් ගිනිගත්හේන, මස්කෙළිය, බගවන්තලාව,මාර්ග ඇතුළු තවත් මාර්ග කිපයකම ‍ධාවනය වන සමහර ලංගම බස් රථවලට සිසන් ලබා ගෙන ඇති තමන් නොගැනීමත් සමග තමන්ට නිසි ලෙස පාසල් යාමට නොහැකි තත්ත්වයක් පවතින බවත්ය.

මෙම තත්වයන් මත තමන් පමාවි පාසල් ගිය විට විදුහලේ විදුහල්පතිවරුන් ඇතුළු ගුරුවරුන්ගේ විවිධ දෝෂාරෝපනවලට ලක්වන බවත් මෙම තත්ත්වයන් මත තමන්ට උදෑසන කාලපරිච්ඡේද වල විෂයන් මග හැරෙන බවද එම සිසුන් පවසති.

මෙම තත්ත්වයන් පිළිබඳව අදහස් දක්වන එම පාසල් සිසුන්ගේ දෙමාපියන් කිහිප දෙනකුද අදහස් දක්වමින් පවසන ලද්දේ හැටන් ලංගම ඩිපෝවේ සේවය කරන සමහර කොන්දොස්තර රියදුරන් සීසන් ලබා ගෙන ඇති තම දරුවන් බස් රථවලට නොගැනිම තමන්ට දැඩි ප්‍රශ්නයක් වි ඇති බවත්ය.

මාසය මුලදි එක්වර මුදල් ගෙවා තමන් තම දරුවන්ට පාසල් යාම සදහා සිසන් පත් ලබා දුන්නද සමහර බස් රථවලට තම දරුවන් නොගැනීම හේතුවෙන් පුද්ගලික බස් රථවල ගමන් කිරීම සදහා තමන්ට තම දරුවන්ට අමතර මුදලක් ලබා දිමට සිදුව ඇති බවත්ය.

මේ වන විට පවතින ආර්ථික ප්‍රශ්න හමුවේ තමන්ට මෙසේ තම දරුවන් සදහා බස් ගාස්තු ලෙස අමතර මුදලක් ලබා දිම විශාල ප්‍රශ්නයක් වි ඇති බවද ඔවුන් පවසති.

මෙම තත්වයන් පිලිබදව හැටන් ලංගම ඩිපෝවේ ඩිපෝ අධිකාරි ඩබ්ලිව්. ජි. ජේ. කේ. කීර්තිරත්න මහතාගෙන් කරන ලද විමසිමකදි පවසන ලද්දේ සිසන් ලබා ගෙන ඇති පාසල් සිසුන් ඇතුළු සියලුම දෙනා බස් රථවලට ගන්නා ලෙස මෙම ඩිපෝව මගින් ධාවනය වන සියලුම බස් රථවල රියදුරු කොන්දොස්තර මහත්වරුන්ට උපදෙස් ලබාදී ඇති බවත්ය.

එම උපදෙස් පිලි නොගෙන යම් රියදුරු කොන්දොස්තර මහත්වරුන් කටයතු කරන්නේ නම් ඔවුන්ට එරෙහිව විනයානුකූලව පියවර ගැනිමට කටයුතු කරන බවද ඔහු පැවසිය.

යම් බස් රථයකට සිසන් ගෙන ඇති යමෙක් බස් රථවලට නොගෙන ධාවනය වන්නේ නම් එම බස් රථයේ අංකය, දිනය, වේලාව සදහන් කර නිර්නාමිකව හෝ ලිපියකින් තමන්ට දැනුම් දීමට පියවර ගන්නා ලෙසටද කිර්තිරත්න මහතා වැඩි දුරටත් පවසා තිබේ.

Exit mobile version