යාපනය, නල්ලූර් ප්‍රදේශයේ පදිංචි ගණකාධිකාරීවරයෙකු හට අයත් ඉඩමක් මිලදී ගැනීමට පැමිණි කණ්ඩායමක් එම ගණකාධිකාරීවරයා පැහැරගෙන ගොස් ඔහුගේ ගිණුමේ තිබූ රුපියල්1,500,000 පමණ මුදලක් බලහත්කාරයෙන් එම කණ්ඩායමේ සිටි කාන්තාවකගේ ගිණුමකට බැර කර ගෙන ඔහු මුදා හැර පලාගොස් ඇතැයි වාර්තාවේ.
මෙලෙස පැහැරගෙන ඇත්තේ වයස අවුරුදු 70 ක් පමණවන පුද්ගලයකු වන අතර මේම සිදුවීම එම ගණකාධිකාරීවරයා විසින් කෝපායි පොලිසියට පැමිණිලි කර තිබේ.
මෙලෙස පැමිණ ඇති කණ්ඩායමට නායකත්වය ලබාදී ඇත්තේ කාන්තාවක් වන අතර එම කාන්තාව හඳුනා ගෙන ඇතැයි පොලිසිය සදහන් කර තිබේ.
කාන්තාව ඇතුළු කණ්ඩායම අත්අඩංගුවට ගැනීමට සදහා කෝපායි පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.