මංගල උත්සවයකට ගොස් මධුවිත පානය කර සූර්වී වතුර කියා කළුතෙල් පානය කළ පුද්ගලයකු රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.
ගොඩකවෙල අල්පිටිය ප්රදේශයෙන් වාර්තා වූ එම සිද්ධියට මුහුණ දුන් පුද්ගලයා වැඩිදුර ප්රතිකාර සඳහා ඇතුළත් කර ඇත්තේ රත්නපුර මහ රෝහල වෙතයි.
එම පුද්ගලයා මංගල උත්සවයේදී අධික ලෙස මත්පැන් පානය කර තිබෙන අතර පසුව නටමින් සහ ගී කියමින් විනෝද වී තිබේ.
රාත්රිය එළඹීමත් සමග මංගල උත්සව ශාලාවෙන් පිටවී තවත් පිරිසකගේ සහායෙන් අල්පිටිය ප්රදේශයට පැමිණ ඇති ඔහු එහිදීද මිතුරන් සමග මත්පැන් පානය කර නිවසට ගොස් ඇත්තේ අසිහියෙනි.
එලෙස නිවසට ගොස් ඇති මෙම පුද්ගලයා වතුර යැයි සිතා මුළුතැන්ගෙයි පසෙක තබා තිබූ කළුතෙල් බඳුන ගෙන පානය කර තිබේ.
ඉන් අඩක් පමණ පානය කර තිබූ මෙම පුද්ගලයා රෝගීවීම හේතුවෙන් ඥාතීන් කහවත්ත මූලික රෝහලට ඔහුව ඇතුළත් කර තිබේ.
ඉන් පසු රෝගියාව වැඩිදුර ප්රතිකාර සඳහා රත්නපුර මහ රෝහල වෙත මාරුකර යවා තිබුණි.