දිව්‍යලෝකයට යාම පිණිස මිහිපිට ජීවිතය අත්හරින ලෙස මතවාදයක් ප්‍රචාරය කරමින් හත්දෙනකුට දිවි නසාගන්නට පෙලඹවූ රුවන් ප්‍රසන්න ගුණරත්න නමැත්තාගේ මිසදිටු කල්ලියට සෘජුවම සම්බන්ධ වූ තිස්දෙනෙකු ගැන දැනට අනාවරණය කරගෙන ඇති බව වාර්තා වේ.
පොලීසිය හා බුද්ධි අංශ එක්ව අරඹා ඇති විමර්ශනයකට අනුව මෙම පිරිස හඳුනාගෙන ඇති අතර එම පිරිසට ගිහියන්ට අමතරව
භික්ෂුන් කිහිප දෙනෙකුද සිටින බවට හෙළි වී ඇත.
බෞද්ධ දර්ශනය යැයි හුවා දක්වමින් රුවන් ප්‍රසන්න නමැත්තා පොළොන්නරුව හා අම්බලන්ගොඩ ප්‍රදේශවල වසර දහයක් පමණ මිථ්‍යාව වපුරමින් පුද පූජා පවත්වා ඇතැයි හෙළි වී තිබේ.
දැනට ඔහුගේ ප්‍රධාන අනුගාමිකයන් ලෙස හඳුනාගත් තිස්දෙනෙකු ඔවුන් අන්තවාදී මතවලින් මුදාගැනීමේ වැඩපිළිවෙළක් අරඹා ඇතැයි ජ්‍යේෂ්ඨ නිලධාරියකු පවසා තිබේ.