වත්තල ප්‍රදේශයේ ව්‍යාපාර රැසක හිමිකරුවකු වන කෝටිපති ව්‍යාපාරිකයකුට අයත් බලපත්‍ර සහිත මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක් කිසියම් පුද්ගලයකු සොරාගෙන ගොස් ඇතැයි වත්තල පොලීසිය පවසා ඇති බව වාර්තා වේ.
වත්තල හේකිත්ත ප්‍රදේශයේ පදිංචි මෙම ව්‍යාපාරිකයාගේ නිවසට ඇතුළු වී ඇති සොරකු ව්‍යාපාරිකයාගේ කාමරයේ තිබූ මෙම ගිනි අවිය සොරා ගෙන ගොස් ඇති බවට පොලීසිය පවසා තිබේ.
ව්‍යාපාරිකයාගේ නිවසේ දේපළ සොරා ගැනීමේ අදහසින් සැකකරු නිවසේ නාන කාමරයෙන් නිවස තුළට ඇතුළු වී ඇති අතර , ව්‍යාපාරිකයාගේ ගිනි අවිය දැක එය රැගෙන ගොස් ඇති බවට පොලීසිය කියයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ව්‍යාපාරිකයා පොලීසියට කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබේ.
ගිනි අවිය හා සම්බන්ධයෙන් සහ සැකකරු සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් හෙළි වී නොමැති බව සදහන්.