නීති විරෝධී වැලි කැණීම් විමර්ශනය කිරීමට ගිය නාවික හමුදා නිලධාරීන්ගේ ගිනි අවියක් පැහැර ගැනීමට තැත් කළ පුද්ගලයෙකු වෙඩි වැදී තුවාල ලබා ප්රතිකාර සඳහා චාවකච්චේරි රෝහලට ඇතුළත් කර තිබෙන බව වාර්තා වේ .
නීති විරෝධී ලෙස වැලි කනිමින් සිටි කණ්ඩායම නාවික හමුදා නිලධාරී එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී කලහකාරී ලෙස හැසිරී නිලධාරීන්ට පහර දීමට තැත් කර තිබෙන බවද බවත් , ගිනි අවිය පැහැර ගැනීමට තැත් කළ අවස්ථාවේ දී ගිනි අවිය ක්රියාත්මක වී 24 හැවිරිදි පුද්ගලයාගේ දකුණු අතේ අල්ලට වෙඩි වැදී ඇති බවත් සදහන් වේ.
මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන පලෙයි පොලිසිය විසින් සිදුකරනවා.
කෙසේ නමුත් මෙම ගැටුම කුමන ආකාරයෙන් සිදු වූවාද යන්න අපට නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැත. මෙවැනි සිද්ධියක් සිදු වී ඇති බවට පමණක් තොරතුරු ලැබී තිබේ. එසේ නොමැතිව නාවික හමුදා නිලධාරීන් විසින් ඔහුට පහර දීමේදී එයට විරෝධය පෑමේදී යම් ගැටුමක් ඇති වූවාද යන්න සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් අපට වාර්තා වී නොමැත.