උත්සව සමයේදී ප්‍රමිතියෙන් තොර පොල් තෙල් වෙළෙඳපොළට නිකුත් කළහොත් ඊට එරෙහිව දැඩි පියවර ගන්නා බව ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පසුගියදා පාර්ලිමේන්තුවෙදී ප්‍රකාශ කළ බව වාර්තා වේ .
එමෙන්ම අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කුඩා පරිමාණ මෝල්හිමියන් විසින් නිෂ්පාදන කර වෙළෙඳපොළට නිකුත් කරන පොල් තෙල්වල ප්‍රමිතිය සම්බන්ධ ගැටලු පවතින බවත් , ඒ හේතුවෙන් එම නිෂ්පාදන ප්‍රමිතිගත කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කරන අතරතුර මේ පිළිබඳ පාරිභෝගික ජනතාව දැනුවත් කරන බවත් ය .