බූස්ස බන්ධනාගාරයෙන් හදිසියේ හමුවූ දේවල් මෙන්න.

ඊයේ (28) පස්වරුවේ පැරණි බූස්ස බන්ධනාගාරයේ ‘ඒ’ හා ‘ඩී’ වාට්ටු තුළ සිදු කළ හදිසි සෝදිසි කිරීමක දී ජංගම දුරකථන ඇතුළු උපාංග කිහිපයක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සොයාගෙන තිබෙන බව වාර්තා වේ .

එහිදී ඉතා සූක්ෂම ලෙස සඟවා තිබු ජංගම දුරකථන දෙකක්, සිම් කාඩ් පත් දෙකක්, පිටත ආවරණය ඉවත් කරන ලද දුරකථන චාර්ජර් 02ක් පොලිස් විශේෂ කාර්ය බළකාය මඟින් මෙලෙස සොයාගෙන තිබේ .

එම දුරකථන සහ උපාංග ඉදිරි විමර්ශන කටයුතු සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ අණ දෙන නිලධාරීවරයාගේ කාර්යාලය වෙත භාර දී ඇති බව සඳහන්.

Exit mobile version